lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය ඔක්තෝබර් මසදී

Capture 214

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් එහි ප්‍රධාන වැඩසටහන 2023 ඔක්තෝබර් 11,12 සහ 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා .

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය ලබාදීම, කුසලතා වර්ධනය, වෘත්තීය උපදේශනය සහ වෘත්තීය අවස්ථා ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

බස්නාහිර පළාතේ (සා/පෙළ සහ උ/පෙළ) හදාරන පාසල් සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සිසුන්, රැකියා අපේක්ෂකයන් මෙන්ම ව්‍යවසායකයින්, දැනුවත් කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media