lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජීවත් වෙන්න අරගලයක යෙදෙන උස්ගල සියඹලංගමුව ගොවියෝ

ගල්ගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටි උස්ගල සියඹලංගමුව වැව ඉස්මත්තේ මහවැලි එච් කලාපයට අයත් ඩී 8, ටී 40, ඇලේ ගොවි ගම්මානය පිහිටා තිබේ. ‍

කඩිනම් මහවැලි ව්‍යාපාරය යටත‌ේ 1977 රජය විසින් මේ ප්‍රදේශවල මිනිසුන් පදිංචි කර වගා කරන්න ඉඩ කඩ ලබා දී තිබේ. මෙම ඉඩම් එළිපෙහෙලි කරන්නට දේශපාලන පසුබිමක් නිර්මාණය වී ඇත.  අතීතය ගැන සොයා බැලීමේදී මෙම ඉඩම් නැතහොත් වනාන්තර,  අලින්ගේ වාසභූමි ඩෝසර් කර මිනිසුන් තම වාසභූමි ගොඩනගාගෙන තිබේ. මෙම විපර්යාසය ‌සිදුවන්නේ දේශපාලන මැදිහත්වීමකිනි.

අලි මිනිස් ගැටුමේදී එම සතුන්ට අප විසින්ම මහා විපතක් කර ඇති බව මෙමගින් පැහැදලී වේ.

මේ වන විට අලි ඇතුන් ‌වැව් තාවුල්ලේ පුංචි කැලෑවකට සීමා වී ඇත.  ‌ගොවියන් රෑ දහවල් පැල් රකිති.  ඔවුන්ටද තාමත් ජිවිතයක් නැත. අලි තම වාසභූමිවලට පැන ගොවියන් වැපුරූ තල, මෙනේරි, කෙසෙල් කා දමති.  පැල් උඩ න්න ගොවියන් අලින් පලවා හැරිම සදහා අලි වෙඩි දමති. තවත් සමහරු වෙඩි තබන අතර වෙඩි මැද කැලෑ වදින අලි දුක් විඳිමින් ජීවත් වෙති.  වන අඩවි නිලධාරීන් වෙඩි වැදුණු අලි සොයා යති. බෙහෙත් කරති. ගොවීන්ටත් එපා වූ කලෙක මෙම ඉඩම් විකුණා දමනු ඇත. 

ඉන් පසු බහු ජාතික සමාගම් මේ වන භූමි ගිල දමති.  පසු කලෙක මේ සුන්දර වැව් ඉස්මත්ත හෝටල් පුරවරයක් වේවි. 

සටහන – සරත් චන්ද්‍ර රත්මල්ල 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media