lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට.

ceylon teachers union education commission of sri lanka

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්්‍යාලයේ රැඳී සිටියදීයි කොටුව පොලීසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඉකුත් මැයි මස 28 වෙනි දින අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජෝසප් ස්ටාලින් මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සිත් නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසින් අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් අනිද්දා සවස 05ට පෙර වහාම ඉවත්කර ගන්නා ලෙස කොටුව පොලීසිය විසින් දැනුම්දී තිබෙනවා.
එම නිවේදනයෙන් කොටුව පොලීසිය වැඩිදුරටත් දන්වා ඇත්තේ රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි.
මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බවද අදාළ නිවේදනයේ සඳහන්.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media