lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය අද

127642711 trump5 getty

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට ඉදිරිපත් වීම සඳහා මියාමි නගරයට පැමිණ තිබේ.

ජනාධිපතිවරයාගේ රහස්‍ය ලේඛන ධූරයෙන් ඉවත් වූ පසු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මියාමි ෆෙඩරල් අධිකරණයේ චෝදනා 37ක් ගොනුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (12) සිය පුද්ගලික ගුවන් යානයෙන් මියාමි වෙත පැමිණ ඇති අතර ඔහුගේ නීතීඥ කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කර තිබේ.

මියාමි නගරයේ ආරක්ෂාව තර කර ඇති අතර එල්ල වන විරෝධතා පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සූදානමින් පසුවන බව මියාමි නගරාධිපතිවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ ක‍ළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරග වදින බව ප්‍රකාශ කර තිබුණි.

කෙසේවුවද ජාතික ආරක්ෂාවට හානිකර අයුරින් ජනාධිපතිවරයාට අයත් රහසිගත ලේඛන සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන බව බවය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media