lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තවත් චීන නෞකාවක් මෙරටට එන්න අවසර ඉල්ලයි

01 2

ලබන ජනවාරි මාසයේ දී තවත් චීන පර්යේෂණ නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ සඳහා චීන රජය විසින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

Xiang Yang Hong 03 නමැති එම පර්යේෂණ නෞකාව ජනවාරි මස 5 වනදා සිට මැයි මාසය තෙක් ඉන්දීය සාගරයේ ගවේෂණයක නිරත වීමට නියමිත බව එම වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

අදාළ කාලය තුළ චීන නෞකාව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වරායන්හි නැංගුරම් ලා තැබීමට නියමිත බව සඳහන්.

ඒ සඳහා චීන රජය විසින් ශ්‍රී ලංකා රජයෙන් මෙන්ම මාලදිවයින් රජයෙන් ද ඉල්ලීම් කර ඇති බවයි වාර්තා කර ඇත්තේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන ඉන්දීය රජය, සාගර ගවේෂණ කටයුතු සඳහා අදාළ නෞකාවට අවසර ලබාදීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙන්වාදී තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media