lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තවත් පුද්ගලයින් 2,296ක් අත්අඩංගුවට

1616731488 Two arrested for spreading extremism and collecting funds for terrorist activities L

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,296 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 

 

අත්අඩංගුවට ගත් පිරිසෙන් 109 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 14දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

 

තවත් 184 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බව පොලීසිය පැවසුවේය.

 

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 218 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 170ක්, අයිස් ග්‍රෑම් 648ක්, ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 600ක්, මාවා කිලෝග්‍රෑම් 46යි ග්‍රෑම් 285ක් සහ මත්පෙති 19,507ක් ද සොයා ගෙන තිබේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media