lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන විදේශ අමාත්‍යාංශය කරන පැහැදිලි කිරීම

Foreign Ministry Sri Lanka Latest News

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

 

මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාර රජය සමග එක්ව කටයුතු කරමින් මීට පෙර අවස්ථාවන්හිදී වරින් වර ලාංකිකයින් 32 දෙනෙකු බේරාගැනීමට හැකිවූ බවයි පෙන්වාදෙන්නේ.

 

අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ වන විට මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු රඳවා සිටිනවා බව සඳහන්.

 

මෙම ගැටලුව විසඳීම සඳහා මියන්මාර රජයේ බලධාරීන් සහ සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සම්බන්ධ වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින අතර පවතින තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතා පිළිබඳව මියන්මාර රජය දැනුම් දී තිබෙනවා.

 

කෙසේවෙතත් ජාතික මිනිස් ජාවාරමට එරෙහි කාර්ය සාධක බලකාය (NAHTTF), අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID), මිනිස් ජාවාරම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍ර අපරාධ කොට්ඨාසය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමට සහ අඛණ්ඩව සම්බන්ධ වීමට අමාත්‍යාංශය දැනටමත් කටයුතු කර ඇති බව සඳහන්.

 

එමෙන්ම මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා, එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ලුතිනන් ජෙනරාල් Yar Pyae සහ මියන්මාරයේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අධ්‍යක්ෂ ජනරාල් U. Aung Kyaw Oo Nay Pyi Taw හිදී හමුවී මියන්මාර රජයෙන් ඉල්ලා ඇත්තේ ජාවාරමට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට කඩිනම් සහය ලබා දෙන ලෙසයි.

 

රැකියා වීසා සහ කොන්ත්‍රාත්තු වෙනුවට සංචාර වීසා බලපත්‍ර භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයින් මියන්මාරයට ගමන් කරන බවට තොරතුරු ලැබී ඇති අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී මෙම ශ්‍රමිකයින් මියන්මාරයට ගමන් කරන බව සඳහන්.

 

නිසි රැකියා කොන්ත්‍රාත්තු සහ රැකියා වීසා නොමැතිව විශාල වැටුප් ලබා දෙන මිනිස් ජාවාරම් සහ අපරාධ කණ්ඩායම්වලට හසු නොවන ලෙස අග්නිදිග ආසියානු කලාපයේ රැකියා අවස්ථා අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ නිවේදනය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media