lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තැන්පතුකරුවන් රවටා කෝටි 990 ක් වංචා කර මූල්‍ය ආයතන හිමිකරු පැන ගිහින්

1690472435 mo L

කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනය මගින් වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක් වංචා කර ඇතැයි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන තිබේ.

මේ වනවිට එහි හිමිකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අදාළ කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත්තේ වෛද්‍යවරුන් හා විශ්‍රාමික හමුදා සෙබළුන් රැසක් මෙම ජාවාරමට හසුවී ඇති බවය.

එමෙන්ම අදාළ මූල්‍ය සමාගම මගින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 990ක් පමණ වන බවද මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අදාළ සමාගම ආරම්භයේදී මසකට සියයට 6ක පොලියක් ලබාදී ඇති අතර පසුව එම පොලී මුදල් ලබාදීම පැහැර හැර තිබේ.

මේ වනවිට එය මහ බැංකුව මගින් තහනම් කර ඇති අතර අනතුරුව එහි අධ්‍යක්ෂවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

ඒ පිළිබඳව විමසීම සඳහා තැන්පත්කරුවන් අදාළ පුද්ගලයාගේ නිවසට ගොස් ඇති අවස්ථාවලදී එහි සිටි ඔහුගේ ආරක්ෂකයින් තමන්ට තර්ජනය කළ බව තැන්පත්කරුවන් පවසයි.

තවත් විශ්‍රාමික හමුදා සෙබළෙකු එහි කළමනාකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.

එමෙන්ම තැන්පත්කරුවන් තැන්පත් කළ මුදල්වලින් අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයා කුරුණෑගල වැව රවුමේ ඇතුළු ප්‍රදේශ රැසක සුඛෝපභෝගී නිවාස හා ඉඩම් මිලදීගෙන ඇති බව සිදුකළ විමර්ශනවලදී පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව විමර්ශන නිලධාරීන් මේ වනවිට ඔහුට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය මගින් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media