lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තැපැල් වර්ජනය අවසන්

1699588161 piyum L 1

තැපැල් සේවකයින් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කර තිබේ.

 

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් පසුගිය 8 වනදා තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

 

ඒ අනුව සිය වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අවසන් කළ අතර අද දින සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

 

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී ඇති ලක්ෂ 10කට ආසන්න තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media