lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තිස්සව වලානේ පත්තිනි දෙවාලය

තිස්සව පත්තිනි දේවාලයේ දේව මංගල්‍යය පසුගියදා උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.  

රාත්‍රී 7ට දේව පූජාව හා දේව දානය ආරම්භ කෙරුණු අතර දේව දානය ලබා ගැනීම සදහා තිස්සව අවට ගම්වාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.  හිමිදිරි උදෑස සිටම පත්තිනි මෑණියන්ට පූජා කිරීම සදහා ගොවියන් කිරි ඉතිරීම ආරම්භ කෙරුණා. තම අස්වනු නෙලාගත් පසු තම පරිහරනයට ගනුලබන්නේ මුලින්ම පත්තිනි මෑණියන්ට පූජා කර භාරහාර ඔප්පු කිරීමෙන් පසුවයි. අනාදිමත් කාලයක පටන් මේ සිරිත් විරිත් කරගෙන ඒන්නකි. තම නෙළා ගත් අස්වනුුුුුුවලින් කොටසක් පත්තිනි මෑණියන්ට පුජා කිරීම අතීතයේ සිට සිදුකරගෙන ආ සිරිතකි.  ඔවුන් ඒය හදුන්වන්නේ අක්‍යාල පූජා කිරීම ලෙසයි. 

කුරුනෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර, කටුපොත මාවිඇල ප්‍රාදේශීය ලේකම් ‌කාර්යාල බල ප්‍රදේශය තුළ මෙම ‌ෙඑතිහාසික වලානේ පත්තිනි දේවාලය පිහිටා තිබෙනවා.  විශාල ගල් පර්වතයක් පාමුල අලංකාරව පිහිටුවා තිබෙන මෙම දේවාලය අවට රමනීය පොල් රුප්පාවකි.  ඒ් අතර නිල්ල කදුයායකි.  කෙලවරින් තිස්සව රජමහා විහාරය පිහිටා තිබේ.   

ක්‍රි.ව 114 සිට 136 දක්වා ලංකාවේ රජ කළ පළමු වන ගජපා රජුගේ කාලයේ වලානේ පත්තිනි දෙවියන්ගේ පා සලඹ ඉන්දියාවේ සිට ගෙන්වාගැනීමෙන් පසු පත්තිනි දේවාලවල ආරම්ය සිදුවු බව ජනප්‍රවාදයේ සදහන්.  තිස්සව දේවාලය හා බැදුණු ජනප්‍රවාදයක් පවතින අතර ඒ් අනුව තම මිනිබිරිය සමග දේවාලය අසල ලිදකට නාන්න යන කිරිඅම්මාට මිනිබිරිය අමතක වූ යම් දෙයක් රැගෙන එන ලෙස පවසනවා. ”කිරි අම්මේ මගේ කැඩපතයි පනාවයි ගෙදර ගිහින් අරගෙන එන්න”. පසුව කිරිඅම්මා ‌ගෙදර ගිහින් කැඩපතයි පනාවයි ‌අරගෙන එන විට ලිද ළඟ හිටිය මිනිබිරිය අතුරු දහන් වී ඇති බව සැලවෙනවා.  ඉන් පසු ගම්වාසීන් කලබල වී මිනිබිරිය සොයන්න පටන් ගත් අතර පසුව දමූනුව අංකාර ගමේ දමින්න ගහක් මුදුනේ මිනිබිරියගේ මළ මිනිය රැඳී තිබී හමුවෙනවා. කිරිඅම්මා බෙරිහන් දෙමින් අඩනා විට මිනිබිරිය කියනවා කිරිඅම්මේ අඩන්න එපා මම මැරිලා නැහැ මට දෙව වරමක් ලැබිලා තියෙනවා.  වරම ගන්න ඉන්දියාවට යන්න තියෙනවා කියලා.  පසුව ඉන්දියාවට උඩින් යන අතරතුර නවගමුවේ දේවාලයේ දෙවිවරු යන්න දීලා නැහැ. දෙවිවරුන්ගේ ඉල්ලීම වුණේ ඔබට වරමක් තියෙනවානම් පෙන්වන්න කියලා. මෙම අභියෝගය බාරගත් මිනිබිරිය තිස්සව පර්වතයේ මුදුන මඩ කරලා ඇල්වී ඉහලා හත්පැයක් ඇතුලත වී අරගෙන කොටලා කිරි ආහාර දානයක් දෙවියන්ට පූජා කළා.  දෙවිවරු පුදුමයට පත්වුණා. ඉන්දියාවට යන්න අවසර ලැබුුුණා. ඉන් පසු වලානේ පත්තිනි මෑණියන් ලෙස තව ගව්වක් දුර ජනී ජනයාට සෙත් ශාන්ති පමුනුවන්නට වරම් ලැබිලා තියෙනවා බවට ජනප්‍රවාදයේ සදහන්. 

සටහන – සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media