lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තේ දළුවල ගුණාත්මකභාවය තහවුරු කිරීමේ B-60 ප්‍රතිපත්තිය 2024දී අනිවාර්යයි

fresh tea leaves plantations 768x380 1

මෙරට නිෂ්පාදිත තේවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 සිට අනිවාර්යය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තේ කර්මාන්තය සම්බන්ධ සියලු අංශවලට අද (06) උපදෙස් ලබාදී තිබෙනවා.

 

B-60 ප්‍රතිපත්තිය යනු තේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දළුවලින් අඩු තරමින් සියයට 60ක්වත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්ත විය යුතුය යන්නයි.

 

අද පෙරවරුවේ තේ කර්මාන්තයට අයත් සියලු අංශවල නියෝජිතයින් සමග අමාත්‍යවරයා ශ්‍රී ලංකා තේවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

 

ශ්‍රී ලංකා තේ සන්නාමය මීට දශක කිහිපයකට පෙර ලෝකයම පීළිගත් සන්නාමයක් වූ අතර ඇතැම් ව්‍යාපාරිකයින්ගේ ක්‍රියාකලාප නිසා ශ්‍රීලංකා තේ පිළිබඳ සන්නාමය බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

 

මේ නිසා ශ්‍රී ලංකා තේ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළෙහි ඇති උසස් පිළිගැනීම නැවත ඇති කරලීම සඳහා තේ දළුවල උසස් ප්‍රමිතිය සහතික කිරීමට B-60 ව්‍යාපෘතිය ආරම්භ කළා.

 

ඉදිරියේ දී මෙරට තේ නිෂ්පාදන කර්මාන්තයට හිමි වෙළෙදපළ ස්ථාපිත කිරීමට නම් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

 

ඒ අනුව තේ කර්මාන්ත ශාලාවලට සපයන තේ දළුවල ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම සදහා B-60 ව්‍යාපෘතිය ජනවාරි මස 01 දින සිට අනිවාර්ය කිරීමේ පියවරට තේ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්වවල එකඟතාවය ලැබී ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media