lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තෝනිගල සෙල් ලිපි

වයඹ පළාතේ පුත්තතලම දිස්ත්‍රික්කයට අයත් ආනමඩුව පිහිටි තෝනිගල සෙල්ලිපි ලංකාවේ පිහීටි දිගම සෙල්ලිිපි ලෙස සැලකේ. 

ජනප්‍රවාදයට අනුව විජය සහ කුවේණිය තම දරුවන් සමඟ ආනමඩුව ‌ප්‍රදේශයේ ජීවත් වූ බවත්, පසු කාලයේ විජය කුවේණියගේ නෑදැයන් අතර ගැටුමක් ඇති වේ.  මෙම ගැටුමෙන් විජය ජය ගත් බවත් ඉන් පසු විජය රජු කුවේණිය අතහැර දහා යන අවස්ථාවේ ශෝකයට පත් කුවේණිය. ලතෝනි දුන්  බවත් ඒම ස්ථානය පසු කාලයේ තෝනිගල වශයෙන් පටබැදුණු බවත් ජනප්‍රවාදයේ කියැවේ. 

කිස්තු පූර්ව පළමු වන සිය වසයට අයත් මෙම සෙල්ලිපි දෙක වැදගත් ගිරි ලිපි දෙකකි.  

ගාමිනී අභය රජ සමයේ මෙම පර්වතය මත පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් මෙම සෙල්ලිපි දෙක කොටා ඇති අතර අක්ෂර 137ක්ද, අනෙක අක්ෂර 117 පිහිටුවා ඇත.

මෙම සෙල්ලිපි දෙක ආරක්ෂාවට යකඩ වැට හේතුවෙන් සෙල්ලිපියේ අලංකාරයට හානි පමුණුවා ඇත. සෙල්ලිපිය පිහිටුවා ඇති. ගල්තලාව අවට සුන්දර පරිසරය චමත්කාර බව යකඩ වැට නිසා මැකීයන්නේය.  පුත්තලමේ සිට ‌කිලෝමීටර් 24ක් ආනමඩුව දෙසට ගමන් ගත් කල තෝනිගල සෙල්ලිපි බලා ගත හැකිය.

පුරාවිද්‍යාත්මක තොරතුරුවලට ප්‍රමුක අභය පුත් ප්‍රමුක තිස්සගේ වැව අවගිරික තිස්ස පබ්බත විහාරයේ පැමිණි, නොපැමිණි. සිව්දිග භික්ෂූන් වහන්සේලාට ප්‍රදානය කර ඇත. 

ගාමිණි අභය රජු විසින් අවනගරක හා තිචිරිකය නගරක යන ස්ථාන දෙකද ඒම විහාරයට නියම කරන ලදි. 

ප්‍රමුක අභයගේ පුත් ප්‍රමුක තිස්ස විසින් මෙම දීමනා හා පැමිණි නොපැමිණි සිව් දිග සංඝ්‍යාට නියම කරවන ලද බවද සදහන්ය.  

සටහන – සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media