lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

දරුවන් අතර මන්දපෝෂණය ඉහළට

MANDAPOSHANAYA

දරුවන් අතර මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාරක සේවාවන්, මානව හා භෞතික සම්පත් සංවර්ධන කටයුතු මෙන්ම පවතින අඩුපාඩු සොයා බලා කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (29) එම රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් මේ බව සඳහන් කළා

ඒ අනුව, විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවල එම තත්ත්වය සුවිශේෂි වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තිබෙන අදාළ සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග සම්බන්ධව විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවා

මෙම තත්ත්වය විශේෂයෙන්ම මධ්‍යම පළාතේ වැඩිපුරම දැකගත හැකි බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන ලෙස ද නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව රෝහල මගින් සපයනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන්, සිදු කළ සහ සිදු කිරිමට නියමිත සංවර්ධන වැඩසටහන් ඇතුළු මානව හා භෞතික සම්පත් පිළිබදව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කළ අතර, ඊට අදාළව කෙටිකාලන හා දිගුකාලීන විසදුම් ලබාදීම ද සිදු කර ඇති බව සඳහන්

එහිදී අදහස් දක්වමින් ඉදිරි වසර සදහා වෙන්වන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රෝහලේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සදහා පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ

 

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම කාලය තුළ මුහුණ දුන් සහ අවබෝධ කරගත් ප්‍රධාන කරුණු 04 ක් වන බවයි

එම කරුණු අතර ඖෂධ හිඟතාවය, බුද්ධි ගලනය, මන්දපෝෂණය, රෝහල් කාර්ය මණ්ඩලවල අතපසුවිම් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media