lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

දේශපාලඥයන් 60 දෙනෙකු වතුර බිල ගෙවීම පැහැර හැරලා

6565b814 water board

ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට තීරණය කළ බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඇමැතිවරු මන්ත්‍රීවරු සහ හිටපු මැති ඇමැතිවරුද ඇතුළත් මෙම දේශපාලකයන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල මුළු වටිනාකම රුපියල් කෝටියකට අධික බව සඳහන් .
 
මීට අමතරව ජල බිල්පත් ගෙවීම පැහැර හැර මියගොස් සිටින මැති ඇමැතිවරුන් පිරිසක් පිළිබඳවද මණ්ඩලයට තොරතුරු අනාවරණයවී තිබෙනවා. සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේ ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විශ්‍රාමික මැති ඇමැතිවරුන්ගේ එම හිඟ මුදල් විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීමේ හැකියාව පිළිබඳවද සොයා බලමින් සිටින බවයි.
 
 
මේ අතර දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති මුදලේ වටිනාකම රුපියල් කෝටි 700 දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වනවා. රට පුරා සිටින සමස්ත ජල පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 28 ක්‌ .
 
මින් පාරිභෝගිකයන් ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය ජල බිල්පත් ගෙවීම විවිධ ප්‍රමාණවලින් පැහැර හැර ඇතැයි මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media