lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

දේශබන්දු තෙන්නකෝන් ගැන විමර්ශන අවසන් බව දන්වයි

ජනපති මැදුරේ මුදල් හමුවීම : දේශබන්දුට ලෙඩක් වැටෙන ළකුණු

ඉකුත් මැයි මස 09 වනදා ගාලු‍ මුවදොර ‘ගෝඨාගෝ ගම‘ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ ප්‍රගතිය අගෝස්තු මස 24 වනදා වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

එම පැමිණිල්ල ඊයේ (3) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම විමර්ශනවලදී නම් සඳහන් වී ඇති බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවත් එහි වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළාය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී දැනට ඉදිරිපත්වී ඇති කරුණු පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමර්ශනයේදී අනාවරණය වන සමස්ත සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බවත් කියා සිටියාය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් 03 වතාවක් උපදෙස් නිකුත් කර තිබෙන බව සඳහන් කළේය.

ඒ, සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්දැයි මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

එසේ ලබාදුන් උපදෙස් පිළිපැදීම පැහැරහැරීම සම්බන්ධයෙන් වහා මැදිහත් වී අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙහෙස්ත්‍රාත්වරයා විසින් මෙහිදී නීතිපතිවරයාට දැනුම් දුනි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සැකකරුවන් 05 දෙනෙකුගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය බව සඳහන් කළේය.

ඒ අනුව අදාළ දුරකථන පරීක්ෂණ සිදුකිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබේ.

අනතුරුව පැමිණිල්ල ලබන 24 වනදා කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුනි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media