lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ධර්මිශ්ට සමාජයක් ඇති කිරීමට බලයට ආ නායකයන්  පාලනය කළ කාලයේ රටේ අධර්මිශ්ටම සමාජ ක්‍රමය බිහි වුණා - කාදිනල් හිමි 

image 2facbf5a4a

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති, එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වෙන නිසාදැයි යන්න ගැන සැකයක් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන් පවසනවා.

 
නායකයන් අවංක නම් හා එයට සම්බන්ධ නැති නම් විමර්ශනය කිරීමට බියවිය යුතු නැති බවද  උන්වහන්සේ  සඳහන් කළා.
 
මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන්  මේ බව පැවසුවේ රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පැවති රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙයට එක්වෙමින්.
 
අවුරුදු 75 ක් පුරා රට තුළ ආත්මාර්ථකාමයත්, පාපයත් රජකම් කරන බව රට තුළ නොබෝදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලින් පැහැදිලි වන බවත්, සමාජීය වෙනසක් ඇතිකිරීමට නම් සියලු දෙනා ජීවිත වෙනස් කරගත යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන් එහිදී සදහන් කළා.
 

ධර්මිශ්ට සමාජයක් ඇති කරන බව කියමින් බලයට ආ නායකයන් කණ්ඩායමක් පාලනය කළ කාලයේ රටේ අධර්මිශ්ටම සමාජ ක්‍රමය ඇති වූ බවත්, ආසියාවේ ආශ්චර්යය කරන බව කී කාලයේ විශාල කුලුනක් හදාගෙන ඇති බවත්, සෞභාග්‍ය කී කාලයේ මිනිස්සු මිලියන හයකට කන්න තිබෙන්නේ එක වේලක් බවක් කී උන්වහන්සේ  එම ක්‍රම වෙනස් විය යුතු බව ද ප්‍රකාශ කළා.

 
 
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media