lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නවක හෙද හෙදියන් 2619 දෙනෙකුට අද පත්වීම්

1700191322 nur L

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් මෙහිදී පත්වීම් ලැබීමට නියමිතය.

මේ වනවිට දිවයින පුරා හෙද සේවයේ 42,000ක සංඛ්‍යාවක් සේවය කරන අතර මෙම බඳවා ගැනීමත් සමඟ මෙරට හෙද – හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media