lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්

1704072662 ranil L

රට වෙනුවෙන් වගකීම් ඉටුකොට අප මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට 2024 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, පසුගිය වසර පුරා ජනතාව කළ කැපකිරීම් සහ විදි දුෂ්කරතා හේතුවෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ මුලික පදනම සාර්ථක කරගැනීමට හැකි වු බවය.

2024 නව වසරට අප පියනගන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව පෙරදැරිව බව සඳහන් කරන ජනාධිපතිවරයා, අනාගතය දෙස පමණක් නොව අතීතයද විමසා බලා එකිනෙකාගේ වගකීම් හඳුනාගෙන ඉදිරියට යා යුතු බව ද සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.

ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා දුෂ්කර ගමනක් යා යුතු වන අතර එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවන බව ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ, නවෝත්පාදන හා ව්‍යවසාය මානසිකත්වයෙන් හෙබි නවමු සංකල්පයන් තුළින් නව පරපුර සවිබල ගන්වමින්, නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට මෙම වසරේ දී අදිටන් කර ගත යුතු බවය.

එමෙන්ම ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික සෑම ක්ෂේත්‍රයකම නව වකවානුවක් උදාකිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙළ පෙරදැරිව අප සියලුදෙනා එකාවන්ව කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කරයි‍.

නව වසරේ දී රටේ අනාගතය තීරණය කරන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත බැවින් මෙතෙක් අප ලබා ඇති ජයග්‍රාහණයන්හී ඵල සාමකාමීව භුක්ති විදිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට සියලුමදෙනා එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, විපක්ෂය පසුගිය වසර තුළ සිදුකරගෙන ආ සේවාව අඛණ්ඩව 2024 නව වසරටත් ගෙන යන බවය.

මේ අතර නව වසර වෙනුවෙන් ආගමික නායකයින් ද ජනතාව වෙත සුබ පැතුම් පණිවුඩ එක් කර තිබේ.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් සඳහන් කළේ, නව වසරේ දී රටේ ජනතාව පත්ව ඇති පීඩනයෙන් මුදවා ගැනීම සඳහා රජය නිසි පියවර ගතයුතු බවය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media