lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නාට්ටාමි ජිවිතයේ දමිළ මිනිසා

අතේ මිටේ සල්ලි නැත්නම්, ඇඟේ පතේ හයිය තියනවානම්, හොද ආත්ම ශක්තියක් ආත්ම අධිෂ්ඨානයක් තියනවා නම්, ඉතා ඉක්මනින් පිටකොටුවේදී සොයා ගත හැකි රැකියාව නාට්ටාමි රැකියාවයි.

දවසකට රුපියල් තුන් හාරදාහක් සොයා ගත හැකි බව කරත්ත හිමියෙකු වූ සෙල්වම් පැවසීය.

මහත්තයෝ පොටෝ ගහල පත්තරේ එහෙම දාන්න එපා. එහෙම කීවේ නාට්ටාමි තරුණයෙක්. පසුව ඔහු සමඟ කතා බහේ දී මට තේරුනා කෙටි කාලෙකට පමණක් නාට්ටාමි රැකියාව කරන තරුණයෙක් බව. එවන් මිනිසුන් අතර කුඩු, ගංජා වගේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බහි වෙච්ච මිනිස්සුත් ඉන්නාවා. රා, අරක්කු වලට ඇබ්බැහි වූ අයත් ඉන්නවා. හැබැයි කාටවත් බයත් නැති ණයත් නැති මිනිස්සු.

හිමිදිරි උදෑසනම සෙල්වම් පිටකොටුවේදී මට හමුවිය. කිරි තේ එකක රස බලමින් ඔහු සමඟ කතාවට වැටුනේ ගෑස් පහ හන්දියේ පදික වේදිකාවේ නවතා ඇති කරත්ත දෙස බලමිනි. මේ කරත්ත හිමිකරු සෙල්වම්ය. කරත්ත තුන්සීයක් විතර ඔහුට හිමිව ඇත.

මගේ අම්මා නුවරඑළියේ නම දාසම්මා මගේ අම්මා තමයි මුලින්ම මේ රස්සාව කළේ. අම්මා මිය ගියාට පස්සේ තමයි මට මේ රස්සාව උරුම වුණේ, සෙල්වම්ට ගෑස් පහ හන්දියේ කඩයක් තියන අතර එහි අලවියට කිසිවක් නැත. රාත‍්‍රී දහයට නිදා ගන්නා සෙල්වම් නැවත අවදිවන්නේ පාන්දර එකටය. එකේ සිට මිනිස්සු රස්සාවක් සොයාගෙන එනවා මම ඔවුන්ට රස්සාවක් හොයල දෙනවා. මොකද දහස් ගණනක් මිනිස්සු මේ රස්සාවෙන් ජීවත් වෙනවා.

සෙල්වම් දවසේ කුලියට කරත්තයක් ලබා දෙන්නේ රුපියල් එකසිය පනහකටය. මේ අත් කරත්තය මුලින්ම ලංකාවට එන්නේ ඉන්දියාවෙන්. ඉන්දියානු දෙමළ භාෂාවෙන් නාඩාර් කියන්නේ යකඩ බඩු බෝතල් වැනි දේවල් එකතු කරන මිනිස්සුන්ට, අන්න ඒ නඩාල්ලා තමයි කරත්ත රස්සාවට ගේන්නේ. මම අහල තියන විදියට 1950 දී විතර තමයි ලංකාවට මේ අය එන්නේ. අන්න එහෙම ආපු නාඩාර් කෙනෙග්ගෙන් තමයි මගේ අම්මා මේ රස්සාව භාර අරගෙන තියෙන්නෙ.

ඒ කාලේ කරත්ත කුලිය දවසට රුපියලයි. එතනින් ආරම්භ කළ ගමන අදවන විට රුපියල් එකසිය පනහ දක්වා ඉහල ගිහින් තියෙනවා.

සෙල්වම්ගේ සේවාවෙන් අද වන විට පවුල් 500 ක් පමණ ජීවත් වෙනවා. මේ නාට්ටාමි රැකියාවේ විශේෂත්වය වන්නේ තමන්ට කැමති වේලාවක් වැඩ කර පිටව යා හැකිය. කැමතිනම් වැඩ කරනවා නැත්තන් නිකන් ඉන්නවා. නිකන් හිටියොත් කන්න නෑ. පොදුවේ කාටත් උරුම දෙයක්.

සෙල්වම් නම් දමිළ සහෝදරයා නාට්ටාමිලාගේ ගැලවුම් කරුවාය.

සටහන – සරත් චන්ද්‍රරත්ත රත්මල්ල

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media