lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නිකිනි පුර පසළොස්වක පොහොය අදයි

1693359112 poya day L

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිනි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ.
 
ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළැඹෙන දිනය වීම නිකිනි පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එමෙන්ම බුදුරදුන්ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම ආදී කරුණු නිකිනි පොහොය දිනයේ සිදුවු වැදගත් සිදුවීම් අතර මුලික වේ.

මේ අතර මහනුවර ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

මේ අතර මහනුවර ඇසළ පෙරහරේ සතර මහා දේවලවල පැවති පෙරහර සඳහා අලි ඇතුන්ගේ හිඟයක් පැවති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංවිධානයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media