lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නිපා වෛරසයෙන් රට ආරක්ෂා කර ගැනීමට සූදානම් – සෞඛ්‍ය ඇමති

Capture 227

ශ්‍රී ලංකාවට මේ දක්වා තර්ජනයක් නොමැති නමුත් නිපා වෛරසයෙන් රට ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් හා වෛරසවේදය සම්බන්ධ විශේෂඥයින් නිපා වෛරසය රටට ඇතුළු වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරනවා

කුමන හෝ හේතුවකින් වෛරස් රෝගීන් රට තුළින් වාර්තා වුවහොත් ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධවත් අවධානය යොමු කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ

ගුවන් මගින් වෛරස් ආසාදිත පුද්ගලයින් රටට ඇතුළු වීමේ අවදානමක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා පවසනවා

මෙයට අමතරව වන්දනා ගමන් සඳහා විදේශ ගතවන පුද්ගලයින් මගින් රෝගය රටට ඇතුළු වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා

මහනුවර දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media