lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නියඟයෙන් සිදු වූ වගාහානි ප්‍රමාණය අක්කර 45,924 ඉක්මවයි

niyagaya

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදු වූ ප්‍රමාණය අක්කර 45,924,21 දක්වා ඉහළ ගොස් ඇති අතර පීඩාවට පත් වූ ගොවීන් සංඛ්‍යාව 40,527 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණැගල ප්‍රදේශයෙන් වාර්තාවන අතර එය අක්කර 22,718 ක් බව සඳහන්.

එමෙන්ම දෙවනුවට වැඩිම වගා හානි වාර්තා වී ඇත්තේ උඩවළව කළාපයෙන් වාර්තා වන අතර එය අක්කර 14,667,75ක් වනවා.

මීට අමතරව වගා හානි සිදුවු වැඩිම ගොවීන් ප්‍රමාණය තවදුරටත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 27,340ක් බව සඳහන්.

කෙසේ වෙතත් මෙවර යල කන්නයේ වනවිට සිදුව ඇති වගා හානි පිළිබඳ වාර්තාව අද දිනයේ (18) කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලබා දී තිබෙනවා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media