lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

 නිව්යෝක් නගරයට හදිසි තත්ත්වයක්

newyork city

අමෙරිකාවේ නිව්යෝක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝක් සෞඛ්‍ය අංශ නිවේදනය කිරීමත් සමඟ මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කර ඇත්තේ නිව්යෝක් නගරයේ අප ජලයෙහි පෝලියෝ වෛරසය පවතින බවට සාධක හමුවී ඇති බවයි.
 
මේ හේතුවෙන් නිව්යෝක් නගරයේ තුළ පෝලියෝ වෛරසය පැතිරයාමේ අවධානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ බලධාරීන් පෙන්වා දෙනවා.
 
1955 වසරේ අමෙරිකාවෙන් පෝලියෝ රෝගීන් බහුලව වාර්තා වූ අතර ඒත් සමඟ එන්නත්කරණය ආරම්භ කර ඇති බව සඳහන්.
 
1979 වර්ෂයේ දී එරටින් පෝලියෝ රෝගය තුරන් කළ බව නිවේදන කළ ද නිව්යෝක් නගරයේ එන්නත්කරණය පහළ මට්ටමක පැවතීම වෛරසය යලි ව්‍යාප්ත වීමේ අවධානම ඇතිව තිබෙනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media