lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පරිගණක අපරාධ ගැන පොලීසියෙන් නිවේදනයක්

92f1af63 8d49bae8 a5a1bf0e c2f37190 police

පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේ වසරේ පුද්ගලයින් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිදුවීම් 108ක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වන බවය.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෙළෙඳ දැන්වීම්වලින් ජනතාව රවටා මූල්‍ය වංචා කිරීමේ සිද්ධි මේ වනවිට රට තුළ සුලභව අසන්නට ලැබේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට 2023 දී වාර්තා වී ඇති එවැනි සිදුවීම් සංඛ්‍යාව 108කි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළිකෙරුණි.

සයිබර් අපරාධ සම්බන්ධයෙන් ගතවු වසර දෙකහමාරක කාලය තුළ පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී පුෂ්පමාල් ජයනෙත්සිරි මහතා පැවසුවේ වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමු සමයේ බවය.

ඒ අනුව 2021 වසරේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4,688ක් ලැබී ඇති අතර 2022 වසරේ පැමිණිලි 3,168ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

සහකාර පොලිස් අධිකාරී ජයනෙත්සිරි මහතා පැවසුවේ
මේ වසරේ ගතවු කාලසීමාව තුළ පැමිණිලි 1,187ක් ලැබී ඇති අතර ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media