lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පරිසරය සහ සාගරය ආරක්ෂා කර ගැනීමට නව පනතක්

arundika

මෙරට පරිසරය සහ සාගරය ආරක්ෂා කර ගැනීමට නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඛනිජ සම්පත ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන අතර ඛනිජ සම්පත් භාවිතයෙන් අගය එකතු කළ නිෂ්පාදන නිපදවීම තුළ ඒවාට ඉහළ වටිනාකමක් ලබාදිය හැකි බවයි

ඒ අනුව රටේ භූමිය ආරක්ෂා කරගනිමින් එම සියලු කටයුතු ක්‍රියාවට නැංවීම අපේක්ෂාව බවද ඔහු එහිදී සඳහන් කළා.

විශේෂයෙන්ම මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් බැංකුවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන අතර ඇතැම් මූල්‍ය ආයතන ඉදිකිරීම් කර්මාන්තයට පහසුකම් සැලසීම සීමා කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media