lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට - සැමියා, පුතා සහ ලේලිය අත්අඩංගුවට

2b24a7bf c1a4 48d1 9a13 33c862b8be31

 (ඇහැටුවැව එච්. ජේ. ජයසිරි)

බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගිරිබාව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හොරොව්වැව, වන්නිකුඩාවැව, ගල්ගමුව ලිපිනයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිබාව පොලිසිය කල විමර්ශනයේ දී අණාවරණය වී ඇත්තේ මෙම කාන්තාව ඇයගේ සැමියා හා වැඩිමල් පුතු සමග මත්පැන් පානය කර ඉන් පසු ඇති වු බහින්බස් වීමක් දුරදිග යෑමෙන් සැමියා සහ පුතු විසින් ඇයට පහරදී ඇති බවයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ 53 හැවිරිදි සැමියා, 30 හැවිරිදි පුතු සහ 24 හැවිරිදි වැඩිමල් පුතුගේ බිරිද මෙම ඝාතයට සැකපිට ගිරිබාව පොලීසිය විසින්⁣ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media