lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ප්‍රංශ තානාපති සහ අනුර අතර හමුවක්

WhatsApp Image 2023 05 17 at 16.14.11

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටෙට් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (17) ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇති අතර ත්‍රස්ත විරෝධී පනත සහ මැතිවරණ කල් දැමීම යන තත්ත්වයන් පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 75ක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජාතික ජන බලවේගය අඛණ්ඩ ශ්‍රී ලංකා – ප්‍රංශ සබඳතාවට සුබ පැතුම් පිරිනැමීමටද මෙය අවස්ථාවක් කරගත් බවයි සඳහන් වන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media