lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ප්‍රති ත්‍රස්ත පනත ගැන ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

1682089501

රති ත්‍රස්ත පනතේ ඇතැම් වගන්තිවලින් පුරවැසි අයිතීන් උල්ලංඝනය වී ඇති බව ත්‍රෛනිකායික මහ නාහිමිවරු ජනපතිට ලිපියක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගවන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් අහෝසි වන බැවින් රටේ ජනතාව තුළ ඊට විරෝධතාවයක් ඇති වී තිබෙන බව මෙහි වැඩිදුරටත් සඳහන්.

රට තුළ නීතිය බලාත්මක විය යුතු අතර ම මහජන අවශ්‍යතාවන් සහ ගැටලු පිළිබඳ රාජ්‍ය පාලකයින් නිසි අවධානයක් යොමු කොට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීම ද සාර්ථක රාජ්‍ය පාලනයක මූලික ලක්ෂණ බවයි ත්‍රෛනිකායික මහ නාහිමිවරු පෙන්වා දෙන්නේ.

333123 4
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media