lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

suminda sirisena

ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා

මිය යන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසු වු සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි පවුලේ සාමාජිකයින් සඳහන් කළේ

1966 වසරේදී කලාවට පිවිසි සුමින්ද සිරිසේන මහතා වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාව ද එක සේ ජයගත් රංගධරයෙකු වනවා.

මූදු පුත්තු ඔහු රංගනයෙන් දායක වූ පළමු වේදිකා නාට්‍යය වු අතර කදා වළලු, මනමේ, සිංහබාහු , බවකඩතුරාව, මුහුණු දෙකක්, වෙස් මුහුණු, අන්දකාරය, ආනන්ද ජවනිකා වැනි වේදිකා නාට්‍ය රැසකට සුමින්ද සිරිසේන මහතා සිය දායකත්වය ලබා දුන්නා.

දුහුළු මලක්, දඬු මොනර, ගුරු ගෙදර, සමනල තටු, යකඩ පිහාටු, සප්ත කන්‍යා, නිසල විල, උඩුගංයාමය, ගාමණි, ගිනි කිරිල්ලී වැනි සිනමා නිර්මාණ විශාල සංඛ්‍යාවකට ඒ මහතා රංගනයෙන් දායක වුණා.

ඔහුගේ පළමු ටෙලිනාට්‍යය සිහින නිම්නය වු අතර බෝගල සවුන්දිරිස්, චරිත තුනක්, රම්‍ය සුරම්‍ය, අසනි වැසි, එකට ගැටුම, දුම්රිය අන්දරය, අබුද්දස්ස කාලය, හතර වටේ, ජීවිතය දකින්න, මෙහෙව් රටේ, සඳ අමාවකයි, නිසල විල, යස ඉසුරු, සේපාලිකා, තෙත් සහ වියළි, පිපි පියුම් වැනි නිර්මාණ රැසකට සුමින්ද සිරිසේන මහතා රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ අතර කැපී පෙනුණා.

සුමින්ද සිරිසේන මහතා දායක වු බොරළු පාර ටෙලි නිර්මාණයේ රූපගත කිරීම් කටයුතු සිදු කරන අවසන් කාලයේදී ඔහු රෝගී තත්ත්වයට පත් වනවා.

ඉන් පසු වසර ගණනාවක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද (04) අලුයම අභාවප්‍රාප්ත වී ඇත්තේ.

සුමින්ද සිරිසේන මහතා කලා කීර්ති, කලා භූෂණ, හොඳම නළුවා, සහය නළුවා ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

ලීලා සිරිසේන මහත්මියගේ ආදරණීය සැමියා වූ සුමින්ද සිරිසේන මහතා ප්‍රභාත් සිරිසේන සහ ඡායාරූප ශිල්පී නන්දිත සිරිසේන යන අයගේ ආදරණීය පියාණන් වනවා   

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media