lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාකිස්තානයට සහාය වන්නැයි ජගත් මහලේකම් ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

පාකිස්තානයට සහාය වන්නැයි ජගත් මහලේකම් ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

පාකිස්ථානයේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති දරුණු ගං වතුර ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බව ජගත් සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ප‍්‍රකාශ කළා.

මෙම ආපදා තත්ත්වයෙන් විපතට පත් මිලියන ගණනක් වූ පාකිස්ථානුවන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා මිලියන 160 ක ආධාර ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක අතර ඊට සහය වන ලෙසයි ජගත් මහ ලේකම්වරයා ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.
 
පසුගිය ජුනි මාසයේ සිට පාකිස්ථානයට බල පෑ මෝසම් වර්ෂාවත් සමඟ හටගත් ගංවතුර හා නායයෑම් තත්ත්වයෙන් මේ වන විට 1200 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.
 
2010 වසරෙන් පසු ඉතිහාසයේ ඉහළම ආපදා තත්ත්වයකට එරට මුහුණ දී ඇති අතර සමස්ථ භූමියෙන් තුනෙන් එකක් ගං වතුරට ගොදුරු වුණා.
 
මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර පස්කඳු කඩාවැටීම් හා නායයෑම් හේතුවෙන් නිවාස, ඇතුළු දේපළ රැසකට හානි සිදුව තිබෙනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media