lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාතාල කල්ලි සාමාජික 'මන්නා රොෂාන්' සහ ගෝලයෙකු වෙඩි වැදී මරුට

CR crimes LG

පාතාල කල්ලි සාමාජිකයෙකු වන දොන් ඉන්දික නොහොත් ‘මන්නා රොෂාන්’ සහ ඔහුගේ ගෝලයෙකු වෙඩි වැදී මියගොස් සිටියදී අද (25) අලුයම පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ පාදුක්ක, තුන්තාන ප්‍රදේශයේදියි.

පොලීසිය පවසුවේ ඔවුන් දෙදෙනා මත්කුඩු ගනුදෙනුවක් සඳහා තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

දැනට ඩුබායිහි සිටින ලලිත් කන්නන්ගර නැමැත්තාගෙන් අදාළ මත්කුඩු ලබාගැනීම සඳහා ඔවුන් එම ප්‍රදේශයට පැමිණ ඇති බව ද පොලීසිය සඳහන් කළා.

ලලිත් කන්නන්ගර නැමැත්තාට ඒ සඳහා මුදල් ලබාදී ඇති බවට සැකකරන අතර, ඔහුගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

කෙසේ වෙතත් ‘මන්නා රොෂාන්’ නැමැත්තා 2019 වසරේ බෝම්බයක් සිය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට මෙන්ම මීට මාසයකට පමණ ඉහතදී පුද්ගලයෙකුට යකඩ පොල්ල කින් පහරදීමේ චෝදනාවකට රිමාන්ඩ්ගතව සිට පැමිණි අයෙක් බව පොලීසිය පැවසුවා.

 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media