lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල යළි පහළට

19406a46 bread

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිවරයා මේ බව  ප්‍රකාශ කළේය.

තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වෙළෙඳ අමාත්‍යවරයා ජුනි 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කළේ.

එවන් පසුබිමක විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී කිසිසේත් පිටි මිල වැඩිනොවන බවයි.

පිට මිල වැඩිනොවුනද අනෙකුත් අමුද්‍රව්‍යවල මිල  පහළ නොයෑම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සංගමයේ ප්‍රකාශත් සමග වෙළෙඳ අමාත්‍යවරයා, පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්ව රැසකගෙන් ඔහුන්ට එල්ල වුයේ දැඩි බලපෑමකි.  

මෙවන් පසුබිමක අද මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් පහළ දමන බවය. 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media