lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාර්ලිමේන්තුව ලබන 5 සිට 8 දක්වා රැස්වේ

1659416800 Parliament of Sri Lanka L

පාර්ලිමේන්තුව ලබන 5 සිට 8 දක්වා රැස්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදය සදහා ලබන 6,7 සහ 8 තෙදිනවෙන් කර ඇති අතර ඡන්ද විමසීම 8 වැනිදා ප.ව 5.30ට පවත්වන බවයි සඳහන් වන්නේ.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

5 වැනි අගහරුවාදා සිට 8 වැනි සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

සැප්තැම්බර් 5 වැනි අගහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත, සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුවනවා.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිතය.

සැප්තැම්බර් 6 වැනි බදාදා පෙ.ව 10.30 ට විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කළ නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2341/38 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කළ රෙගුලාසි විවාදයකින් තොරව අනුමත කර ගැනීමට මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.

අනතුරුව ප.ව 5.30 දක්වා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

සැප්තැම්බර් 7 බ්‍රහස්පතින්දා සහ 8 සිකුරාදා පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා මෙම විවාදය දෙවැනි සහ තෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පවසනවා.

එමෙන්ම 8 වැනිදා ප.ව 5.30 පමණ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවත්වීමට ද නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media