lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාසල් නිල ඇඳුම් ලබන මස 19 දිනට පෙර ලබා දෙනවා

418928387 918259226320815 6619084361803343911 n 768x432 1

පිරිවෙන් හා පාසල් සිසුන් ට අවශ්‍ය නිල ඇඳුම් සඳහා රෙදි ලබන මස 19 දිනට පෙර ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් ලබා දෙන්නේ චීන රජයේ ප්‍රදානයක් ලෙසයි.

පෙර වර්ෂයේ ද 50%ක ප්‍රදානයක් ලබා දීමට චීනය මුලින් එකඟ වී සිටි අතර පසුව එය 70%ක් දක්වා වැඩි කර ලබා දුන් බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එසේම නිල ඇඳුම් සඳහා ලබා දෙන ප්‍රමාණය චීනය විසින් මෙලෙස ඉහළ දමා ඇත්තේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවෙදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

මෙරට චීන තානාපති ෂී ෂැං හොං මහතා විසින් චීන ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට අද (11) දින නිල වශයෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දී තිබෙනවා.

මෙම ප්‍රදානයෙන් මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, මේ වන විට මෙරටට ලැබී ඇති අතර දෙවැනි තොගය පෙබරවාරි 04 වන දා වන විට ලැබී අවසන් වනු ඇති.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media