lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ සිසුවෙකු කළුගඟේ ගිලී මරුට

1705251835 kaluthara L

කළුතරදී කළුගඟේ දිය නැමට ගිය 15 සහ16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ 17 හැවිරිදි සිසුවෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

උපන්දින සැමරුමක් සඳහා එහි ගොස් දිය නාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇති බව සදහන්.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කළුගඟේ ඊයේ (14) පස්වරුවේ දිය නාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවටයි.

මෙලෙස මියගියේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි, දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කිවිඳු සත්සර සහ දොඩංගොඩ රතුකුරුස නිවාසහී පදිංචිව සිටී සුභානී සුපේෂලා නැමැති පාසැල් සිසුසිසුවියන් තිදෙනෙක්‌.

මියගිය සිසුවියන් දෙදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි අය බවද අනාවරණය වී තිබෙනවා.

එක් සිසුවියකගේ මවගේ උපන්දිනය අදට යෙදී තිබී ඇති අතර, ඒ නිමිත්තෙන් ඔවුන් කැළිඩෝ වෙරළ තීරයට පැමිණ තිබෙනවා.

පළමුව මුහුදේ දියනාමින් සිටි ඔවුන් එක් සිසුවියකගේ ඉල්ලිම පරිදි කළුගගේ කලපුවට ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් දියේ ගිලී ඇති අතර, ඔවුන් ගොඩගෙන සුව සැරිය ගිලන් රථයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යද්දී මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත්කර ඇති අතර කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media