lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පැරණි ගම්සභා ක්‍රමය යළි ගෙනල්ලා – ගමේම නඩු අහමු – රතන හිමිගෙන් යෝජනාවක්

Capture

ප්‍රාදේශීය සභා ලෙස වර්තමානයේ පවතින්නේ පැරණි ගම්සභා ක්‍රමය බැවින් යළි එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු බවට පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රකාශ කළා.

ඊයේ (05) පාර්ලිමේන්තුවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළ අතර, බොහෝ වැරදි සඳහා ගම තුළම නඩු අසන ක්‍රමවේදයක් හරහා ඒවා විසඳා ගැනීමට අවශ්‍ය කටයුතු සැකසිය යුතු බවයි උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

උන්වහන්සේ තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ගම්සභා ක්‍රමයට සමාන ක්‍රමවේදයක් වර්තමානයේ ඉන්දියාවේ ද පවතින අතර එය ඉතා සාර්ථක ක්‍රමවේදයක් බවයි.

ඒ අනුව ග්‍රාමසේවා වසමකට හෝ ග්‍රාමසේවා වසම කොටස් කිහිපයකට බෙදා හෝ ග්‍රාම එකක ලෙස, යම් අධිකරණ ක්‍රියාවලියක් සැකසිය යුතු බවයි උන්වහන්සේගේ යෝජනාව වී ඇත්තේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media