lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පිටකොටුවේ ගින්නට හේතුව හෙළි වේ

1698423787 pitaaa a a a a L

පිටකොටුව දෙවැනි හරස්වීදියේ සයමහල් ගොඩනැගිල්ලක ඊයේ (27) පෙරවරු 09.30ට පමණ ඇති වූ ගින්නට හේතුව අනාවරණ කරගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

 

පොලිසිය පැවසුවේ, අද උදෑසන වෙළෙඳසල විවෘතකර දුම් ඇල්ලීමේ දී ඩීසල් බහාලුමක් ගිනිගෙන එය විදුලි ජනන යන්ත්‍රය දක්වා ව්‍යාප්ත වීමෙන් ගින්න හටගෙන ඇති බවයි.

 

 

රෙදිපිළි අලෙවිසලක් මෙලෙස ගිනිගැනීමට ලක් ව තිබූ අතර, වෙළෙඳසල විවෘත කර මඳ වේලාවක් තුළ මෙම ගින්න හටගෙන තිබුණා.

 

පසු ව කඩිනමින් ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් ගින්න පාලනය සඳහා පියවර ගත්තේ ගිනි නිවීමේ රථ 11ක් සහ නිලධාරීන් 45 දෙනෙකුගේ සහාය ඇතිවයි.

 

ගින්න ඇති වීමත් සමඟ ගොඩනැගිල්ල තුළ සිර වූ සේවකයන් ඇතුළු පිරිස් මුදාගැනීමට ද පියවර ගැණුනු අතර පිළිස්සුම් තුවාල සහ ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයන් 20 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.

 

පැය දෙකකට ආසන්න කාලයක් තුළ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වුණා.

 

කෙසේ වෙතත් අලෙවියට තබා තිබූ සාරි ඇතුළු රෙදිපිළිවලට සහ ගොඩනැගිල්ලට ගින්නෙන් දැඩි හානි සිදු ව තිබුණු බවයි වාර්තා වන්නේ.

 

 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media