lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පිහි ප්‍රහාරයකින් තරුණියක් මරුට

1704630633 murder L

පිහියකින් සිදුකළ පහරදීමකින් පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී තරුණියක් ඝාතනයට ලක්ව ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි තරුණියකි.

ඇයගේ 24 හැවිරිදි වියේ පසුවූ පෙම්වතා විසින් බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

අදාළ පෙම්වතා කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සැකකාර තරුණයා සහ අදාළ තරුණිය අතර මීට වසර 03කට පමණ පෙර සිට ප්‍රේම සම්බන්ධයක් තිබී ඇත.

අද උදෑසන සැකකාර පෙම්වතා එම නිවස වෙත පැමිණ ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා මද වේලාවක් කතාබහ කරමින් සිට ඇති බව නිවැසියන් පවසයි.

පොලීසිය සැකපළ කරන්නේ ඒ අතරතුරදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටය.

ඝාතනය සිදුකිරීමත් සමග සැකකාර පෙම්වතා එම ස්ථානයේ පළායාමට උත්සාහ දරා ඇති බවත් එහිදී ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව ඔහුව අල්ලා පිළියන්දල පොලීසියට භාරදී ඇති බවටත් තොරතුරු වාර්තාවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇති අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඝාතනය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media