lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ඉහළට

oill

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බව සදහන්.

එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 348ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 375ක් වනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ දමා ඇති බව සදහන්.

ඒ අනුව එහි නව මිල රුපියල් 306ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් රුපියල් 12කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 358ක් ලෙසයි දැක්වෙන්නේ

එමෙන්ම භූමිතෙල් මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 226ක් ලෙසයි දැක්වෙන්නේ

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media