lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පෙර පාසල් දරුවන්ට උදෑසන පූර්ණ ආහාර වේලක්

image 95475aa51d 1

දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා පනත් කෙටුම්පත (Gender Equality Bill) මඟින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

120,000 ක් වන පෙර පාසල් දරුවන්ට පූර්ණ ආහාර වේලක් උදෑසනට ලබාදීම විශාල අභියෝගයක් බවට පත් වූ අතර දැනට එම දරුවන් සඳහා වෙන්ව ඇති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා වැඩිකර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි ඇය සඳහන් කළේ.

මෙරට ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙලෙන බැවින් ප්‍රෝටීන් සහිත පෝෂණීය ආහාර වේලක් ලබාදීමට සැලසුම් කර ඇති බව ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media