lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

යළි මුඛ ආවරණ පළඳින්න - සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි

18

වෙසක් සතිය තුළ කොවිඩ් ව්‍යාප්තිය වර්ධනය විය හැකි බැවින් පොදු ස්ථානවල ගැවසීමේ දී මුඛ ආවරණ පළඳින ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සෞඛ්‍ය අංශ තවදුරටත් කියා සිටියේ පසුගිය කාලය තුළ කොරෝනා ව්‍යාප්තියේ සීඝ්‍ර අඩු වීමක් පෙන්නුම් කර තිබුණ ද අලුත් අවුරුදු සමයත් සමඟ එහි වර්ධනයක් සිදු වී තිබෙන බවයි.

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ (01) මෙරටින් හඳුනා ගත් බවද සෞඛ්‍ය අංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව ඊයේ වන විට හඳුනා ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,177 ක්.

එමෙන්ම මෙරටින් තවත් කොරෝනා මරණයක් ඊයේ දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media