lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පොල්ගොල්ලේ වාන් දොරටු 4ක් විවෘත කරයි

1695915810 pol L

ඉහළ මහවැලි පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි හමුවේ පොල්ගොල්ල මහවැලි වේල්ලේ තවත් වාන් දොරටු 02 විවෘත කර තිබේ.

ඒ අනුව මේ වනවිට විවෘත කර ඇති සමස්ත වාන් දොරටු සංඛ්‍යාව 04කි.

පෙරේදා (27) පස්වරුවේ සිට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව නිසා ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු මෙලෙස විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

මෙමගින් තත්ත්පරයට ඝන අඩි 7,000ක ජල ධාරිතාවක් පහළ වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බැවින් වේල්ලෙන් පහළ මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ජනතාවට දැනුම්දෙයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media