lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව හෙටින් අවසන්

cd wickramaratne

වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව හෙට (26) දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.

 

පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි.

 

කෙසේවෙතත් එම කාලය හෙට දිනයෙන් අවසන් වන අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයෙකු පත්කළ යුතුව තිබේ.

 

කෙසේවෙතත් මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර විදෙස් ගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති.

 

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය හිමිවිය යුතු වේ.

 

මේ අතර වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දෙවන වරටත් සේවා දිගුවක් ලබාදීමේ සූදානමක් පවතින බවට ද ඇතැම් වාර්තා පෙන්වා දෙයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media