lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

z p33 Peerless1

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකිරීම සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබෙනවා.

පොසොන් පොහොය දිනය බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ ශ්‍රී ලංකාද්වීපයට බුද්ධාගම ලැබුණු දිනය නිසාවෙනි.

එමෙන්ම මෙරට ආගමික, සංස්කෘතික, සමාජයීය හා අධ්‍යාපනික අංශ මෙන්ම ශිල්ප ශාස්ත්‍රයන්ගේ නව ප්‍රබෝධයක් ඇතිවූයේ ද මහින්දාගමනය සමගයි.

දඹදිව අධිරාජයා වූ ධර්මාශෝක රජුගේ පුත් මහින්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් උත්ථිය, ඉත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන පිරිස ලංකාද්වීපයේ මිහින්තලාවට පිවිස එවකට රජව සිටි දේවානම්පියතිස්ස රජු හා සිදුකළ අඹ පැනයේ සංවාදයෙන් පසුව දේශනා කළේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයයි.

මෙරට බෞද්ධයෝ පොසොන් පොහොය දින සිල් සමාදන් වීම, පිංකම්, පෙරහර පැවැත්වීම, දන්සල් ආදි ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වීම සිදු කරනු ලබනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media