lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බන්ධනාගාර තුළ පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීමට සැලසුම්

PMC 1anuradha

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යානුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එය සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බවයි

එමෙන්ම බන්ධනාගාර තුළ පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ස්ථාපිත කර රැඳවූවන් ඒවායේ සේවයෙහි යෙදවීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු කර ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඒ සඳහා මේ වන විට ආයතන 04ක් එකඟතාව පළ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ

මීට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට බන්ධනාගාරගතව සිටින්නේ රැඳවූවන් 40ක් පමණක් බව සඳහන්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media