lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

bandanagara

මාකොළ ළමා නිවාසයේ දරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක් මුල් කර ගනිමින් බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ
ඝාතන සිදුවිමකට අදාළව අධිකරණ නියෝග මත රදවා සිටි දරුවන් පසුගිය 18 වැනිදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නඩු කටයුතු අවසන් වීමේන් පසු යළි එම ළමා නිවාසය වෙත බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකු භාරයේ ආරක්ෂණය කළ බවයි.

දරුවන් ආරක්ෂණය සිදු කරන ලද බන්ධනාගාර වෑන් රථය අධිකරණය අසල මාර්ගයක නවතා දරුවනගේ ඥාතීන් යැයි පැවසූ පිරිසක් බඩු බාහිරාදිය වෑන් රථයට පටවන ආකාරය දැක්වෙන විඩියෝවක් බන්ධනාගාර බුද්ධි අංශ වෙත ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ෂණක් ආරම්භ කර තිබෙනවා.

එම සිදුවීමට අදාළව ආරක්ෂණය සිදු කළ නිලධාරීන් තිදෙනා ප්‍රකාශ ලබා ගෙන ඇති අතර අනතුරුවයි විනය පරීක්ෂණයට යටත්ව වැඩ තහනම් කර ඇත්තේ.

එමෙන්ම ඉදිරියේදී විමර්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු එම නිළධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media