lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය ඉහළට

Screenshot 2023 08 01 204923 768x473 1

දිවයිනේ බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වසර ආරම්භයත් සමග විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයිනේ සියලු බන්ධනාගාර තුළ රැඳවියන් 13,241 දෙනෙකු රැඳවිය හැකි වුවත් මේ වන විට එම සංඛ්‍යාව 29,000කට ආසන්න වී තිබෙනවා.

ඒ යටතේ රැඳවියන් 19,000කට ආසන්න සංඛ්‍යාවක් සැකකරුවන් වන අතර 10,000කට ආසන්න පිරිසක් සිරකරුවන් වන බව සඳහන්.

ඒ අනුව සමස්ත බන්ධනාගාර ආයතන තුළ දිනෙන් දින රැඳවියන්ගේ තදබදය හා බන්ධනාගාරගත වීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ

 

 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media