lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයට සම්බන්ධ තවත් සැකකරුවන් 05 ක්‌ අත්අඩංගුවට

1701792046 arrested kk L

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

බම්බලපිටියේ ලොරිස් පාරේ ප්‍රදේශයක මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන ගොස් තිබුණා.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23, 25, 26 යන වයස්වල පසුවන පුවක්පිටිය, පල්ලෙවෙල, දෙමටගොඩ, පොළොන්නරුව සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

 

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ 24 හැවිරිදි කාන්තාවක් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් අතර පසුව ඇයව ඇප මත මුදාහැරුණා.

 

සැකකාරිය අද (05) අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත එලෙස මුදාහැරීමට නියෝග කෙරුණා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media