lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බස්රථ අලංකරණයට අවසර දෙන්න - නාමල් රාජපක්ෂ

20190512 221024 840x560 1

ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

බස්රථ හිමියන් සහ නාමල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

බස්රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් වන අතර ජනතාවට හානි නොවනවා නම් බස්රථ අලංකරණය කිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ.

මාර්ග නීති කඩකරනවා නම් හෝ ජනතාවට අපහසුතාවයක් ගෙන දෙනවා නම් ඊට නීති පවතින බව එහිදී පෙන්වාදුන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතු කළ බස්රථවලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළා.

මාර්ග බලපත්‍රවලට සහ බස්රථ බලපත්‍රවලට පිටින් නොයන බස්රථ අලංකරණ කටයුතු සිදු කිරීම වරදක් නොවන බවයි නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media