lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බ්‍රැඩ්බි පළිහ රාජකීයන් ට

1691240494 ruby L

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති 77 වන බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය ඊයේ (05) සමත්වුණි.

ඒ බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පැවති දෙවන අදියරේ තරගය ලකුණු 27 ට 17ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය ජයගැනීමත් සමගය.

77 වන බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පැවැත්වෙන රග්බි තරගයේ දෙවන අදියර පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදීය.

තරගය නැරඹීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්වී සිටියේය.

තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධය නිමාවන විට කොළඹ රාජකීය විද්‍යාලය පෙරමුණ ගෙන සිටියේ ලකුණු 17ට 10ක් ලෙසය. 

දෙවන අර්ධයේදී ක්‍රියාත්මක වූ කොළඹ රාජකීය ක්‍රීඩකයන් තවත් ලකුණු 10ක් රැස්කිරීමට සමත්වුණි.

ත්‍රිත්ව ක්‍රීඩතයන්ට දෙවන අර්ධයේදී රැස්කරගත හැකි වුයේ ලකුණු 7ක් පමණි.

ඒ අනුව ලකුණු 27ට 17ක් ලෙස බ්‍රැඩ්බි පළිහ දෙවන අදියර තරගය ජයගැනීමට රාජකීය ක්‍රීඩකයන් සමත්වුණි.

බ්‍රැඩ්බි පළමු අදියර ලකුණු 13ට 10ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය ජය හිමිකර ගත්තද අදියර දෙකේම  ලකුණු එකතුවට අනුව 37ට 30ක් ලෙස 77වැනි බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට සමත්වුණේ රාජකීය විද්‍යාලය.

77 වන බ්‍රැඩ්බි පළිහ පිරිනැමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media